අධිවේගයේ අනතුරකින් මරණයක්

172

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් 57 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.අනතුරින් ජීප් රථයේ රියදුරු, තවත් පුද්ගලයෙකු සහ වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් 5 දෙනෙකු තුවාල හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment