අධිවේගයේ අනතුරු වැඩියි:

310

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි.

මාස 6 ක් ඇතුළත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.

2021 වසර තුළදී ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන් වල පින්නදූව, අපරැක්ක , කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස, අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මාරක රිය අනතුරු 07ක් සිදු වී ඇත. එයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. 2021 වර්ෂයේ දී අධිවේගී මාර්ගවල සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 461 වේ.

2020 වර්ෂය තුළ අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු ද සහිතව සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව

308 කි. 2020 වර්ෂය තුළ මාරක රිය අනතුරු 05 ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යෑම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ගවල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ අවධානය යොමු වී ඇත.

බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැළඳ ධාවන කිරීම, ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත‍්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක‍්‍රියා සිදු කළ රියදුරන් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසලදී අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බවත් 2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප‍්‍රමාණය 66,252 ක් බවත් මෙහිදී අධිවේගී මාර්ගයේ ස්ථාපිත පොලිස් ඒකකවල නිලධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment