අධිවේගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ ජීප් රියක මළ සිරුරක්

451

දක්‍ෂිණ අධිවේගී  මාර්ගයේ වැලිපැන්න සේවා ප‍්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිපැන්න පොලිසිය  මගින් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ, 32 වැනි පටුමගේ පදිංචිව සිටි දිනේෂ් ජයවීර නමැති 45 හැවිරිදි ඉංජිනේරුවරයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

මියගිය අය පසුගිය 30 වැනිදා පෙරවරුවේ නිවසින් පිටත්ව ගොස් තිබෙන අතර ඔහු දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දෙසට ගමන් කරමින් සිටියදී වැලිපැන්න සේවා ප‍්‍රදේශයට එදින (30 දා) පෙරවරුවේ ඇතුළුවී තිබූ බවට පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබූ බව පොලිසිය කියයි. මියගිය අය කිසියම් අසනීප තත්්ත්වයක පසුවූ කෙනකු බැවින් නිවසින් පිටවූ පුද්ගලයා නැවත නිවසට නොපැමිණිවීම සම්බන්ධයෙන් නිවැසියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇතැයිද පොලිසිය පවසයි. කරුණු මෙසේ සිදුවෙමින් තිබියදී දක්‍ෂිණ අධිවේගී මාර්ගගය පොලිසිය ලද තොරතුරකට අනුව වැලිපැන්න පොලිසිය දැනුවත් කළ අධිවේගයේ පොලිසියේ වැලිපැන්න සේවා ස්ථානයේ නවතා තිබෙන ජීප් රථයක් තුළ පුද්ගලයකු මියගොස් සිටින බව 31 වැනිදා තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ වැලිපැන්න පොලිසිය මියගිය අය සන්තකයේ තිබූ ලිපි ලේඛනවලට අනුව ඔහු කාගේ කව්දැයි හඳුනාගෙන ඒ බව මියගිය අයගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

මියගිය අයගේ ඥාතීන් විසින් සිරුර හඳුනා ගැනීමෙන් පසු සියලූ තතු අනාවරණය කර ගැනීමට පොලිසිය කටයුතු කළහ.

මේ පිළිබඳව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් ආනන්ද මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment