අධිවේගී අනතුරින් ගුරුවරිය මරුට

202

කොරියන් භාෂා ගුරුවරියක් ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (23) රාත්‍රී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ කඩවත රම්මුතුගල ගෝනහේන පාර පදිංචිව සිටි ගිතානි මානෙල් ප්‍රියන්ති (47 ) එක් දරු මවකි.

ටයිල් පැටවූ ලොරිය කිලිනොච්චියට යාම සඳහා මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී එම දිසාවටම පිටුපසින් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ජීප් රථයේ රියදුරු රියදුරු සුළු තුවාල ලබා ඇත

advertistmentadvertistment
advertistmentadvertistment