අධි ජල ධාරාවකට හසු වූ පකිස්ථානයේ ඓතිහාසික පාලමක් කැඩී යයි

267

ගෝලීය උණුසුම හේතුවෙන් ජල උල්පත් සිඳී ගොස් තිබූ පකිස්ථාන ගම්මානයක ගංගාවකට දැවැන්ත ජල කඳක් මුදා හැරීම හේතුවෙන් ගම්මානයේ තිබූ ඓතිහාසික පාලමක් කැඩී ගොස් ඇති අතර පවුල් 22කට සිය නිවෙස් අතහැර යෑමට සිදුව තිබේ. පකිස්ථානයේ ගිල්ගිට් හුන්සා තීරයේ පිහිටි හසනාබාද් ගම්මානයේ පිහිටා තිබූ පාලමක් මෙසේ අධි ජල ධාරාවකට හසු වීම නිසා කඩා වැටී තිබේ. මෙම ජල ධාරාවට හසු වීමෙන් කෘෂි ජල පද්ධතියක් හා ජල විදුලි බලාගාර දෙකක් ද විනාශ වී ගොස් ඇති බව වාර්තා වී තිබේ.

 දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයක් වන ගෝලීය උණුසුම හේතුවෙන් හටගත් අධික උණුසුම් කාලගුණ තත්ත්වය නිසා ජලය සිඳී ගොස් තිබූ අදාළ ගංගාවට අධික ජල ධාරාවක් එකවර මුදා හැරීමට පකිස්ථාන බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment