අධි ලේඛන පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අත්සන් තැබීම අද

106

ජාතික ලේඛනාගාරය අධි ලේඛන පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අත්සන් තැබීම අද (09) සවස 3.00ට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේදී සිදුකරන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය පැවසුවාය.

යුනෙස්කෝවේ 36 වන සැසිවාරයේ දී මෙම විශ්ව ප්‍රකාශනය සම්මත කර ගෙන ඇති අතර අදට (9) ට යෙදෙන ජාත්‍යන්තර අධි ලේඛන දිනයට සමගාමීව එම කටයුත්ත සිදුවේ.

විශ්ව ප්‍රකාශනයට සහාය දීමෙන් ජාතියේ ඉතිහාසය සුරැකීමට සහ එය තවදුරටත් සැමට ප්‍රවේශවිය හැකි වන කැපවීම වඩාත් තහවුරු කරන්නක් බවට පත්වනු ඇති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

අද උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා සහභාගි වෙයි. නාලක ගුණවර්ධන, නයිජල් නුගවෙල යන මහත්වරු ද දෙසුම් පවත්වති. ඊට මහජනතාවට එක්වීමට ලියාපදිංචි වීමට 0112696917 දුරකථන අංකය ඇමතිය හැක. එසේ නැති නම් දෙපාර්තමේන්තුවේ ෆේස් බුක් හා ට්විටර් පිටුවෙන් පිවිසිය හැකිය.

එරික් ගාමිණි ජනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment