අනතුරින් අසාධ්‍ය වු තැනැත්තකු රෝහල් ගතකරන්න ගොස් කැලෑවක දාලා

613

ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී ඊයේ (19) රාත්‍රි වෑන් රථයක ගැටී අනතුරට ලක්වු පුද්ගලයෙක් අනතුර සිදුවූ වෑන් රථයේම රෝහල් ගත කරන මුවාවෙන් රැගෙන ගොස් අසාධ්‍ය තුවාලකරු කැලයක දමා පලා ගොස් ඇත.

එහෙත් එම තුවාලකරු සහ සැකකරුවන් සමග වැන් රථයද සොයා ගැනීමට ආණමඩුව පොලිසියට හැකිවී තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය වාරිමාර්ග හංදිය ආසන්නයේ පදිංචි 53 හැවිරිදි තුන් දරු පියකු වු සරත් බංඩාර අතපත්තු නැමති යූධ හමුදා විශ්‍රාමිකයකුය.
අදාල තැනැත්තා පා ගමනින් කුඹුරට ගොස් 19 දින සවස ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටියදී ආණමඩුව සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටී අනතුරත් සිදුව තිබේ.

අනතුරත් සමග ප්‍රදේශවාසින් එම ස්ථානයට එක්වීමෙන් පසු කලබලයට පත්වු අනතුර සිදුකල වෑන් රථයේ පිරීස විසින් මෙම තුවාල කරු පුත්තලම මූලික රෝහලට කඩිනමින් භාර දෙන බව පවසා එම වෑන් රථයේම දමා පැමිණ ඇත.

නමුත් පවුලේ ඥාතින් පුත්තලම රෝහලට ඒ සමග පැමිණ සොයා බලන විට තුවාලකරු රෝහලට භාර නොතිබිණිග පසුව ආණමඩුව රෝහලට ගෙන ඒ දැයි විමසීමක් සිදු කළද ඒ සම්භන්ධව තොරතුරක් ලැබී නොමැත.

පොලිස් නිළධාරින්ද අනතුරින් බරපතල ලෙස අසාධ්‍යව සිටි තැනැත්තා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සොයා ගැනිමට නොහැකිවිය.

වහාම ක්‍රීයාත්මක වු ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන දෙක අදාල අනතුරට සම්බන්ධ වාහන පිළිබදව තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසා තොරතුරු සනාථ කර ගෙන තිබේ.

පසුව සිදු කළ විමර්ශණ වලදී එම වෑන් රථය පුත්තලම නගරයේ පදිංචි අයෙකුට සතු බව අනාවරණය වී ඇති අතර ඉන් පසුව සිදු කළ විමර්ශණ වලදී අනතුර සිදුකල වෑන් රථය ඔහුගේ නිවසේ සගවා තිබියදී සොයා ගැනිමට හැකි වී තිබේ.

පසුව ලබාගත් තොරතුරු මත පොලිස් කණ්ඩායම් කඩිනමින් අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන තුවාල කරු දමා ආ ස්ථානයට යාමට කටයතු කර ඇතග
පොලිස් නිළධාරින් අදාල ස්ථානයට යන විට තුවාල කරු දැඩි ලෙස අසාධ්‍යව මෙම සැකකරුවන් දමා ගිය ස්ථානයෙ ම අසරණව පැය හයකට ආසන්න කාලයක් සිටි බව පොලිස් නිළධාරින් පවසයි

කඩිනමින් අදාල තුවාලකරු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරීමට පොලිස් නිළධාරින් කටයුතු කර තිබු අතර පුත්තලම රෝහලින් මුලික ප්‍රථිකාර ලබා දීමෙන් පසු අසාධ්‍යව සිටි තුවාලකරු කොළඹ ජාතික රෝහලට යැවිමට කටයුතු කර තිබුණි

අනතුර සිදුකල වෑන් රථයේ රියදුරු වෑන් රථයේ හිමිකරු සමග මුස්ලිම් ජාතික සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් පරික්ෂණ වලින් පසු අත් අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment