අනතුරුවලින් වසරකට ලක්‍ෂ 13ක් රෝහලේ – විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග

85

මෙරට රෝහල් තුළ නේවාසිකව ප‍්‍රතිකාර ලබන සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන්ම එක් අයකු හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත වූවකු බව විශේෂඥ වෛi සමිත සිරිතුංග මහතා පැවසීය.

එක් වසරක් තුළ මෙරටදී සිදුවන අනතුරු හේතුවෙන් පුද්ගලයන් ලක්‍ෂ දහතුනක් රෝහල්ගත වන බවද ඒ මහතා ස`දහන් කළේය. අනතුරුවලින් තොර සුරක්‍ෂිත වසරක් යන තේමාවෙන් යුතු රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29 වැනිදා* පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය. මෙරට සිදුවන අනතුරු අතරින් බහුතරයක් වාර්තා වන්නේ නිවෙස් ආශි‍්‍රතව බව ද කී විශේෂඥ වෛi සමිත සිරිතුංග මහතා වැටීම්, විදුලිසර වැදීම්, සත්ව සපාකෑම්, සර්ප දෂ්ටනයන්, දියේ ගිලීම්, විෂවීම් ඒ අතරින් ඇතැම් ඒවා බවද පෙන්වා දුන්නේය.

අනතුරු හේතුවෙන් කශේරුව සහ කොන්ද ප‍්‍රදේශය ආබාධයට ලක්වූවන් කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අධි අවදානමක් පවතින බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් ස`දහන් කළේය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment