අනවශ්‍ය ගැබ්ගැනීම්වලට හේතුව ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමයි – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

196

ලංකාවේ ලිංගික අධ්‍යාපනය නොමැතිවීම තරුණියන් අතරේ අනවශ්‍ය ගැබ්ගැනීම්වලට මූලිකවම බලපා ඇතැයි ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (12 දා) පැවසීය.

විශේෂයෙන් ම වත්මන් තරුණ තරුණියන්ගේ මානසික මට්ටම පරීක්‍ෂා කිරීම ඉතා වැදගත් බව ද හෙතෙම කීය.

එසේම තරුණ දරුවන් උපත් පාලනය පිළිබඳව ද නිවැරදි අවබෝධයක් ලබා තිබීම ද ඉතා අවශ්‍ය බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.

ලිංගික අධ්‍යාපනය ගැන කිසිම අවබෝධයක් නොමැතිව බොහෝ තරුණ තරුණියන් ලිංගිකව එකතුවෙනවා. නිවැරදි උපත් පාලනයක් නැතිව දරුවන් පිළිසිඳ ගත්තාට පසු එක්කො දරුවන් මරා දානවා එහෙමත් නැත්නම් දරුවා මහමඟ දාල යනවා යැයි ද හෙතෙම කීය.

අවිවාහක තරුණ මවුපිය යුවළක් සිය බිළිඳා, කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා යෑම ගැන විමසා සිටි අවස්ථාවේ ඒ මහතා එසේ කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment