අනවශ්‍ය බියක් එපා රට තුළ සහල් හිඟයක් නෑ

114

ලබන වසරේ ජනවාරි මාසය දක්වා පරිභෝජනයට ප්‍රමාණවත් දේශීය සහල් රට තුළ පවතින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කියයි. මෙම යල කන්නයේ වී අස්වැන්න මෙටි්‍රක් ටොන් මිලියන දශම 08ක් ලැබෙන බව පුරෝකථනය කර තිබෙන බවද ඔහු පැවැසීය.

යල කන්නයේ වී වගාවේ අස්වැන්න මාස 04ක් සඳහා සහල් පරිභෝජනයට ප්‍රමාණවත් බවද මෙරට ප්‍රධාන වී මෝල් හිමිකරුවන් පවසන පරිදි ඔවුන් සතුව ඉදිරි සැප්තැම්බර් මාසය දක්වා සහල් අවශ්‍යතාවට වී තොග තිබෙන බව ද කී අධ්‍යක්ෂ ජනරාල්වරයා දේශීය සහල් රට තුළ ප්‍රමාණවත් ලෙස තිබෙන බව ද පැවැසීය.

ඉදිරි 2022/23 මාස් කන්නයේ වී අස්වැන්න නෙළීම ආරම්භ කෙරෙන තෙක් එම වසරේ මාස දෙකක් සඳහා සහල් අවශ්‍යතාව පිරිමැසීමට ආණ්ඩුව සහල් ආනයනය කර තිබීම නිසා සහල් හිඟයක් ඇති නොවනු ඇති බව හෙතෙම පැවැසීය. දේශීය වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ 110කි.

මෙම යල කන්නයේ හෙක්ටයාර් 465000 ක වී වගා කර තිබෙන අතර හෙක්ටයාර් ඒකකින් වී මෙටි්‍රක් ටොන් 4.5 ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් යම් ප්‍රමාණයක් අඩුවිය හැකි යැයිද පැවැසීය.

පුරෝකථනය කර ඇති ආහාර හ`ිගයට මුහුණදීමට ගොවීන් දේශීය අල භෝග මුං කව්පි වගාවට යොමුවී සිටින බවත් එහි අස්වනුද ලැබීමත් සමග සහල් පරිභෝජනය කිසියම් ප්‍රමාණයකට අඩු වන බවත් ඒ අනුව මෙම වසර තුඝ සහල් හිඟයක් ඇති නොවන බව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවැසීය.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment