අනවසරයෙන් සිව් දෙනකු කොළඹ වරායට ගෙන යෑමට තැත් කළ චීනා අත්අඩංගුවට

263

නීත්‍යනුකූල නොවන ආකාරයට පුද්ගලයන් සිව් දෙනකු කොළඹ වරායට ඇතුළු කිරීමට උත්සාහ කළ චීන ජාතිකයකු වරාය පොලිසිය සහ වරාය ආරක්‍ෂක අංශ මගින් පෙරේදා (18 දා* අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චීන ජාතිකයා වරාය ඇතුළත ඉදිකරන අධිවේගී මාර්ගයේ සේවය කරන පුද්ගලයෙකි.

මොහු නීත්‍යනුකූල නොවන ආකාරයට පොතුවිල් ප‍්‍රදේශයේ පදිංචි දෙමළ ජාතිකයන් සිව් දෙනකු රැුගෙන කොළඹ වරායට ඇතුළු වීමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ වරාය ආරක්‍ෂක අංශ මගින් ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව වරාය පොලිසිය වෙත භාරදී තිබේ.

සැකකරුවන් පස්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

– හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment