අනවසර මත්පැන් සියයට 300 කින් වැඩිවෙලා – ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම මගින් සුරාබදු ආදායම සඟවනවා

82
  • මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

නීත්‍යනුකූල නොවන මත්පැන් සියයට තුන්සියයකින් (300%) වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය පිළිබඳ සිදුකළ සමීක්‍ෂණයක් ඇසුරෙන් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ 2004 සිට 2016 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ මත්පැන් කර්මාන්තය සියයට අනූපහක (95%) වර්ධනයක් අත්කරගෙන තිබුණ ද එහි නීත්‍යනුකූල මත්පැන්වල වර්ධනය පෙන්නුම් කරන්නේ සියයට පනහක් (50%) ලෙස බවයි.

පසගිය 28 වැනිදා පැවැති සුරාබදු නිලධාරීන්ගේ වාර්ෂික සභා රැස්වීම අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

මේ විදියට 300% කින් වර්ධනය වූ නීති විරෝධී මත්පැන් තියන්නේ අපි දන්න කියන කැලේ, කොළේ, බඩවැඩියේ පෙරන ඒවා නෙවෙයි. සුරාබදු බලපත්‍ර අරන් තියෙන අයත් මේ නීති විරෝධී මත්පැන් නිපදවනවා. මේ නීති විරෝධී මත්පැන්වලින් සුරාබදු ආදායම අහිමි වෙනවා. ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම උපයෝගි කරගෙන සුරාබදු ආදායම වසන් කරනවා. බි්‍රතාන්‍ය ජාතිකයන් අපේ රට යටත් කර ගැනීමට පෙර 1810 වගේ කාලසීමාවක පටන් රජයේ ආදායමෙන් 76% අරන් තියෙන්නේ සුරාබදු ආදායමෙන්. එවකට සිටි බි්‍රතාන්‍ය ජාතික ආදායම් කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කර තිබෙනවා අපිට බදු ලෙස උපයන ආදායමට වඩා විශාල ආදායමක් ව්‍යාපාරිකයන් මේ තුළින් උපයන බව.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment