අනවසර විදුලි රැහැනක පැටළුණු  ඇතා සහ වන අලි දෙදෙනා ජීවිතක්‍ෂයට

130

අනවසර විදුලි රැහැනක පැටළුණු ඇතකු සහ වන අලින් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත්ව සිටියදී ඊයේ (14 දා) සොයාගත් බව අනුරාධපුර වන ජීවී කාර්යාලය පවසයි.

මිහින්තලේ ඉහලගම, පුදුක්කුලම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටළුණු මෙම ඇතා සහ වන අලින් දෙදෙනා විදුලි සර වැදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වනජීවී අංශ නිලධාරීහු පවසති.

පෙරේදා (13 දා) රාත්‍රියේ මෙම ගම්මානයට විශාල ප්‍රමාණයේ අලි රංචුවක් කඩාවැදී ඇති බවත් එම අවස්ථාවේදී මෙම ඇතා සහ අලින් දෙදෙනා විදුලි

රැහැන්වල වැදී ජීවිතක්‍ෂයට පත්වන්නට ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

උදෑසන එම ප්‍රදේශය හරහා ගවයන් බැලීම සඳහා ගිය පුද්ගලයකු දැක ඒ සම්බන්ධයෙන් වනජීවී අංශ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනවසර විදුලි රැහැන් ඇද තිබූ ඉඩම් හිමියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව ද වනජීවී අංශය සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment