අන්තර්ජාලයෙන් දැරියක අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු කෝටිපතියකු ඇතුළු 6 ක් අල්ලයි 27 ක් කොටුවෙති: තවත් 16 ක් සොයයි

286

– කළමනාකරුද අත්අඩංගුවට

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු එහි මුදල් කළමනාකරු සහ දැරිය අපයෝජනය කළ නැව් කපිතාන්වරයකුල කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු හය දෙනකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා :3 දා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 27 දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම මෙම දැරිය අපයෝජනය කළ තවත් පුද්ගලයන් 16 දෙනකු පිළිබඳ සියලූ තොරතුරු පොලිසිය හෙළිදරව් කරගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

ළමා හා කාන්තා කාර්යාංශය පෙරේදා කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නැව් කපිතාන්වරයාගේ සහායකයා සහ තවත් ව්‍යාපාරිකයන් කීප දෙනෙකුද සිටින බව පොලිසිය පවසයි.

දැරිය අලෙවිකළ ලංකා ඇඞ්ස් යැයි කියා ගන්නා වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ප‍්‍රදේශයේදීයග එම සැකකරු 45 හැවිරිදි වියේ පසුවන අයෙකි. එම වෙබ් අඩවියේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කළ 43 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල අළුබෝමුල්ල ප‍්‍රදේශයේදීය.

මෙම අත්අඩංගුවට ගැනීම් දෙක සිදුකර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකය මගින්ය.

ගල්කිස්ස ප‍්‍රදේශයේ මහල් නිවාසයක රඳවාගෙන 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කරමින් සිටියදී ඉකුත් ජුනි මස 7 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස පොලිසිය මගින්ය.

මෙම දැරිය අලෙවිකළ පුද්ගලයා ඇගේ මව ඇතුළු පුද්ගලයන් පස් දෙනකු එහිදී අත්අඩංගුවට ගෙන තිබිණිග දැරියගේ ජංගම දුරකථනයේ දුරකථන අංක වට්ස්ඇප් සහ වයිබර් ඇමතුම් ඔස්සේ විමර්ශනය කිරීමෙන් පසු ඇය ලිංගික කටයුතු සඳහා මුදලට ලබාගත් පුද්ගලයන් 22ක් මේ වන විට අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, චීවරධාරියෙක් සහ පොලොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයෙක්ද වූහ. එම සැකකරුවන් සියලූ දෙනා මේ වන විට බන්ධනාගාරගත කර සිටිති.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment