අන්තර්ජාලයෙන් වාහන අමතර කොටස් විකුණා ලක්‍ෂ ගණන් සල්ලි ගැරූ අපරාධකරු මාට්ටු – වරෙන්තු 05යි – නඩු 34යි

167

වාහන අමතර කොටස් ඉතා අඩු මුදලට විකිණීමට තිබෙන බව අන්තර්ජාලයේ දැන්වීම් පළකර  ගැණුම්කරුවන්ගෙන් රුපියල් ලක්ෂ  ගණනාවක් මුදල් වංචාකළ පුද්ගලයකු අතුරුගිරිය ඔරුවල මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන සැකකරුට එරෙහිව විවිධ අධිකරණවල මුදල් වංචා නඩු තිස් හතරක් පවතින බවත්, ඒ හේතුවෙන් සැකකරුට විරුද්ධව වරෙන්තු පහක්ද නිකුත් වී ඇතැයි පොලිසිය කියයි.

කොහුවල, පැපිලියාන ප‍්‍රදේශයේ පුද්ගලයකු ලොරි රථයක අමතර කොටසක් මිලදී ගැනීම සඳහා සැකකරු අන්තර්ජාලයේ පළකර තිබූ දැන්වීමකටත්, ඒ අනුව රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් මේ අමතර කොටස මිලදී ගැනීම සඳහා එහි සඳහන් කර තිබූ බැංකු

ගිණුමට මුදල් තැන්පත් කර එම භාණ්ඩය ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටියද මාස හතරක් පමණ ගතවී තිබුණත් සැකකරු එම භාණ්ඩය ලබා දීම මඟහැර තිබීම හේතුවෙන් ඒ පිළිබඳ අවස්ථා කීපයකදීම විමසීමෙන් පසු සැකකරුගේ ජංගම දුරකථනය විසන්ධි වී තිබීම හේතුවෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු වංචාවන් කීපයක් සිදු කිරීමෙන් අනතුරුව පදිංචි නිවෙස හැර වෙනත් ප‍්‍රදේශයක නිවසක් කුලී පදනම මත ලබාගෙන සැඟව සිටීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

වංචා සිද්ධි සමූහය හේතුවෙන් සැකකරු වසර ගණනාවක් රිමාන්ඞ් භාරයේ සිට ඉකුත් මාර්තු මස ඇප මත නිදහස්ව පැමිණ තිබූ අතර එකී කාලය තුළ තුළ මෙම සැකකරු මේ ආකාරයෙන් තවත් වංචාවන් සිදුකර ඇද්ද යන්න සොයා බැලීම සිදුකරන බව පොලිස් නිලධාරියකු පැවැසීය. 48 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පො.ප. ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත පො.ප. සුමිත් ජයසිංහ, උ.පො.ප. බණ්ඩාර, පො.සැ. (58147)  චන්ද්‍රරත්න, (60261) වසන්ත, පො.කො. වරුන් වන (88527) සුජිත්, (20567) විජයරත්න යන මහත්වරු පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment