අන්තර්ජාලය තුළ හොර ඖෂධ පෙති විශාල වශයෙන් අලෙවි වෙනවා

157

* ඇමරිකානු  ඞී ඊ ඒ ආයතනය අනතුරු අඟවයි
 

 අන්තර්ජාලය තුළ ව්‍යාජ ඖෂධ විශාල ලෙස සැරිසරන බව හෙළිවී ඇත. මෙම ව්‍යාජ ඖෂධ බැලූ බැල්මට අව්‍යාජ ඖෂධවලට සමානය. සැනැක්ක් පර්සෝසෙට් ඇසිඞ්රල් සහ ඔක්සි කොවොන් වැනි ව්‍යාජ ඖෂධ ඇමරිකාව තුළදී හමුවී තිබේ.

 අව්‍යාජ ඖෂධ සහ ව්‍යාජ ඖෂධ ගබඩා වලදී මිශ‍්‍ර කර අලෙවි කරන නිසා ඒවා හඳුනාගැනීමට නොහැකිවී ඇත.

 2019 වසරේ සිට ඇමරිකානු ඞී ඊ ඒ බලධාරීන් අල්ලාගත් ව්‍යාජ ඖෂධ ප‍්‍රමාණය සියයට 430කින් වැඩිවී තිබේ. පෙන්ටැනිල් නැමැති ඖෂධ වර්ගයේ සෑම පෙති පහකින් දෙකක්ම ව්‍යාජ පෙති බව රසායනාගාර පරීක්‍ෂණවලින් සනාථ වී ඇත. චීනයේ සිට මෙක්සිකෝවට නැව්ගත කෙරෙන අමුද්‍රව්‍ය වලින් මෙම හොර ඖෂධ නිපදවේ.

advertistmentadvertistment
advertistmentadvertistment