අන්තර්ජාලය නිසා තැපෑලෙන් ඩොලර් මිලියනයක්‌ හැලිලා

580

පෞද්ගලික සමාගම් විසින් අන්තර් ජාලය ඔස්සේ විදේශවලින් භාණ්ඩ ඇනවුම්කර ඒවා මෙරටදී තැපැල් දෙපාර්තමේන්තුව ඔස්සේ බෙදා හැරීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට වසරකට ඩොලර් මිලියනයකට අධික මුදලක් අහිමි වී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය සමිති ලේකම් එච්. ආර්. නිහාල් මහතා පවසයි.

විදේශවලින් සී. ඞී. පැකට් ලෙස (මුදල් ගෙවා) බහාලූම් පෙට්ටි ඔස්සේ ශ‍්‍රී ලංකාවට රැුගෙන විත් ඉන් පසු ඒවා වෙන් වෙන්ව වර්ග කර පාර්සලයේ බර අනුව ශ‍්‍රී ලංකාවේදී මුද්දර ගසා තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් මෙලෙස තැපැල් දෙපාර්තමේන්තුවට විදේශ මුදල් අහිමි වී යන බව ඒ මහතා සඳහන් කළේය. මාසයකට මෙවැනි භාණ්ඩ පාර්සල් ලක්‍ෂයක් පමණ ශ‍්‍රී ලංකාවට ගෙන්වන බවත් ඒවා චීනය, තායිවානය, සිංගපූරුව, ඇමෙරිකාව, සහ මැද පෙරදිග රටවලින් වැඩි ප‍්‍රමාණයක් රැගෙන එන බවත් ඔහු පැවසීය.

මෙම පාර්සල්හි ජංගම දුරකථන උපාංග, කැමරා, ක‍්‍රීම් වර්ග, රස කැවිලි, ඖෂධ විදුලි උපකරණ, නිමි ඇඳුම් ආදිය අඩංගු බවත් භාණ්ඩ ඇනවුම් කරන ජනතාව සිතා සිටින්නේ එම පාර්සල් තැපෑල හරහා විදේශරටවල සිට සෘජුවම තමුන් වෙත ලැබෙන බව කියාත් ඒ මහතා පැවසීය.

ඒවා බහාලූම් පෙට්ටිවල රැගෙන විත් මෙරටදී ඒවා වෙන් කර ශ‍්‍රී ලංකාවේ මුදලින් මුද්දර ඇලවීමේදී එම භාණ්ඩ පාර්සල්හි සුරක්‍ෂිත බවට ද හානි සිදු විය හැකි බවට ද නිහාල් මහතා අනතුරු ඇ`ගවීය. මේ සම්බන්ධව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ තැපැල් නියාමන ආයතනයක් නොමැතිවීමත් දැනට පවතින නීති රීතිවල ඇති දුර්වලතාවන් නිසා මෙවැනි වංචාවක් සිදු වන බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව ද ඔහු පැවසීය.

ප‍්‍රියදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment