අන්තර් කාලීන ආණ්ඩුවේ – අගමැති රනිල් ?

862

හරින්ගෙන් කරණමක්

අන්තර්කාලීන ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු  අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට බොහෝ දුරට  ඉඩ ඇති බව  දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

ජාතික ජනබලවේගය හා සමගි ජනබලවේගය නව රජයක් පත් කිරීමට හා එහි වගකීම භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති නමුත් එම පාර්ශ්ව දෙකම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර තිබීම නිසා උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට ඉඩ ඇති බවද සඳහන් වේ.

මේ අතර ජනාධිපතිවරයා හමුවීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනකු වරින් වර ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා ද පවත්වා තිබේ.

මේ අතර ඊයේ (11දා) තහවුරු නොකළ වාර්තාවල දැක්වූයේ හරින් ප්‍රනාන්දු මහතා ‘ස්වාධීනව’ සමගි ජනබලවේගයෙන් ඉවත්ව නව අන්තර්කාලීන රජයකට සහාය දැක්වීමට තීරණය කර ඇති බවය.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්‍ෂ විසින් අගමැතිවරයා වශයෙන් පත් කිරීමට නම් 3ක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබූ බවද වාර්තා විය.

අකිත පෙරේරා,  චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment