අන්තර් පාලන ඩීල් එපා – හොරා කාලා ගසා කාපු මුන් එක්ක එකට වැඩ කරන්නද කියන්නේ…?

255

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇඹිලිපිටියේ  විරෝධතා රැළියකට එක්වෙමින් අසයි

මේ එක එකාගේ සිත් සනසන්න අපි ඩීල් ගහන්න යන්නේ නැහැ. ඒකට වැඩිය මට සැපයි ගෙදර යන එක. ඔන්න එළිපිටම කිව්වා. හැබැයි මම ගෙදර යන්න ඉස්සර වෙලා ඩීල් ගහන කට්ටියගේ නම් ටික එළිදරව් කරලයි මම ගෙදර යන්නේ කියන එක මතක් කරනව. අපි සූදානම් නැහැ ජනාධිපති අගමැති මැති ඇමැති ඩීල් වලට. අපිට ඔය අන්තර් පාලන ඩීල් එපා. අවුරුදු දෙකක් දෙකහමාරක් රට කාලා රට විනාශ කරල තුනෙන් දෙකකට වැඩිය හොරා කාලා ගසා කාපු මුන් එක්ක එකට වැඩ කරන්නද මේ ජනතාව කියන්නේ…? යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසීය. විපක්ෂ නායකවරයා එසේ විමසා සිටියේ පවතින පාලනයට විරෝධය දක්වමින් 23 දා ඇඹිලිපිටියේ පැවැති විරෝධතාවකින් පසු ජන රැළියකට එක්වෙමිණි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්න ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායක හේෂාන් විතානගේ විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි. විරෝධතාකරුවන් ඇඹිලිපිටිය හිඟුරආර විහාරස්ථානය අසල සිට විරෝධය දක්වමින් ඇඹිලිපිටිය නගරයට පැමිණෙන අතරවාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විරෝධතා පාගමනට එක්විය. එහිදී ජනතාව අමතමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාසට ඇමරිකාවේ ජනාධිපතිකම දෙනව කිව්වත්, මහා බි්‍රතාන්‍යයේ අගමැතිකම දෙනව කිව්වත් සක්විති රජකම දෙනව කිව්වත් අපි අපේ පාක්ෂිකයන් වන ඔබ සියලු දෙනා පාවා දෙනනේ නැහැ කියන එක කිව යුතුයි. ඒ නිසා කවුරුත් වරදවා තේරුම් ගන්න එපා. එක පැත්තකින් මහපාරේ ජනතාව කියන්නේ මොනවද, ගෝඨාභය රාජපක්ෂ ගෝ හෝම් කියල. රාජපක්ෂ පවුල ගෝ හෝම් කියල. හොරු ටික අයින් වෙන්න කියල හොරුන්ගේ සල්ලි ටික මේ රටට ආපසු ගේන්න කියල. හවුල් ආණ්ඩු තුලින් මේ ටික කරන්න පුලුවන්ද. එහෙනම් මිත්‍රවරුණි සූදානම් වන්න අපේ සියවසේ ජන අරගලය අපි ඉදිරියට ගෙන යනවා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රටේ විධායක ජනාධිපතිවරයෙකුත් නැහැ විධායක

අගමැතිවරයෙකුත් නැහැ. මෙතෙක් කල් මේ රටේ ව්‍යවස්ථාවන් හදන්න ඔය එක එක ලොක්කන් කටයුතු කලේ කොහොමද? ජනාධිපතිවරණය දිනන්න පුලුවන් ඇත්තන් කිව්වා විධායක ජනාධිපතික්‍රමය ඕන ඒක තියන්න ඕන කියල. අගමැතිව පඹයා කරල. ජනාධිපතිවරණය මේ සම්මෙට දිනන්න බැරි අය කිව්වා විධායක අගමැතිවරයෙක් පත්කරන්න ඕන කියල. ඒ මොකද කවදාවත් ඡන්දයෙන් ජනාධිපති වෙන්න බැරි නිසා. අපි කියනවා අපේ රටට විධායක ජනාධිපතිත් ඕනේ නැහැ. විධායක අගමැතිත් ඕනේ නැහැ.

අද ක්‍රියාත්මක වන්නේ ජන පීඩක ජන ජනඝාතක ආණ්ඩුවක්. නැවත වරක් මේ රටේ ජන පොදු ජනතාව ජීවත් කරවන පොඩි මිනිහගේ ආණ්ඩුවකට සූදානම් වන්නැයි කියලා මම තමුන්නාන්සේලාට මතක් කර සිටිනවා. අද ජන සමාජයේ සියලුම දෙනා පොදු ජනතාව කම්කරු ධීවර සියලුම වෘත්තීන් පහළම තලයේ සිට ඉහළ දක්වා මේ සෑම සියලු දෙනාම අනාථ වෙලා සිටින්නේ.

මගේ අභියෝගය මම ඉදිරිපත් කරනවා මේ රටේ හැම පක්ෂයකම පක්ෂ නායකයන්ට. පුලුවන්නම් සජිත් පේමදාසට වැඩියෙන් බලයක් නැතිව විපක්ෂයේ ඉඳගෙන සේවයක් කරන්න මනුස්සයෙක් ඉන්නව නම් මම සූදානම් මගේ විපක්ෂ නායකකමයි මන්ත්‍රීකමයි පරිත්‍යාග කරන්න. පුලුවන්නම් ඒ අභියෝගය

බාරගන්න. ඔය එක්කෙනෙකුටවත් බැහැ. ඔක්කොම කරන්නේ විපක්ෂයේ ඉන්න කොට කටින් බතල සිටුවන එක. ලස්සන සංදර්ශන, ලස්සන ජවනිකා, පස්වෙනි මණ්ඩලය හත්වැනි මණ්ඩලයේ නෙවෙයි නවවෙනි මණ්ඩලයේ චිත්‍රපටි ඉදිරිපත් කරන්නේ. මේ කරන්නේ අන්දවන්න.

හොඳට මතක තබා ගන්න තබා ගන්න අපි සූදානම් මේ රටේ වගකීම බාර ගන්න. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ගෑස ප්‍රශ්නයද පෙට්‍රල් ප්‍රශ්නයද ඩීසල් ප්‍රශ්නයද භූමිතෙල් ප්‍රශ්නයද කිරිපිටි ප්‍රශ්නයද අන්ධකාරයට විසඳුමද අපි සතුව ඒ විසඳුම් තිබෙනවා. හැබැයි මිත්‍රවරුනේ හොර පොහොට්ටු එක්ක ආණ්ඩු නැත. හොර පොහොට්ටුව එක්ක ඩීල් නැත. රාජපක්ශලා එක්ක ආණ්ඩු නැත. මේ සමගි ජන බලවේගයට පුළුවන් අගමැතිකම් බාරගන්න. හැබැයි ඒ මැතිකම් ඇමැතිකම් භාර ගන්නේ ජනමතයක් සමඟ සමඟ ආණ්ඩුවක් හදන්න බව මම තමුන්නාසේලාට කියනවා.

ඕමල්පේ – ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment