අන්තර් පාසල් ලීග් ශුරතා වයස අවුරුදු 19න් පහළ බාලක රග්බි තරගාවලිය ජුනි මුල සිට

114

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කර ඇති අන්තර් පාසල් ලීග් ශූරතා වයස අවුරුදු 19 න් පහළ බාලක රග්බි තරගාවලියේ පළමු පෙළ තරග එළඹෙන ජුනි මස දෙවන සතියේදී ආරම්භ වේ.

පසුගිය වසරේදී මෙන්ම මෙවර තරගාවලිය ද ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තියෙන් බලගැන්වේ.

මෙවර පළමු පෙළ තරගාවලියේ “ඒ” කොටසට පාසල් 14 ක් තෝරා ගෙන ඇති අතර එම පාසල් 1 සහ 2 යනුවෙන් කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.

ඒ අනුව පළමු පෙළ “1” කාණ්ඩය යටතේ කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, මෙන්ම මහනුවර කිංග්ස්වුඩ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර තරග ක්‍රියාත්මක කෙරේ.

පළමු පෙළ “2”කාණ්ඩයට කොළඹ රාජකීය විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, මරදාන සහිරා විදුහල, ගල්කිස්ස විද්‍යා විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල ඇතුළත් කර තිබේ.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් කිංග්වුඩ් විදුහලට එරෙහිව ඉසිපතන විදුහල ද ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ශාන්ත ජෝෂප් විදුහල ද ශාන්ත තෝමස් විදුහලට එරෙහිව වෙස්ලි විදුහල ද ශාන්ත පීතර විදුහලට එරෙහිව රාජකීය විදුහල ද ධර්මරාජ විදුහලට එරෙහිව ත්‍රිත්ව විදුහල ද විද්‍යා විදුහලට එරෙහිව විද්‍යාර්ථ විදුහල ද තම මුල්ම තරගයට සහභාගී වීමට නියමිතය. සහිරා විදුහලේ මුල්ම තරගය ධර්මරාජ විදුහලට එරෙහිවද ඩී. එස්. සේනානායක විදුහලේ මුල්ම තරගය ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ද ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment