අන්තර් පාසල් සත් සාමාජික  රග්බි ශූරතාව කොළඹ ආනන්දයට

195

බස්නාහිර පළාත් අවු. 20 න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විiාලය ලකුණු 21 – 7 ලෙස පරාජයට පත් කළ කොළඹ ආනන්ද විiාලය සමත් විය.

පසුගියදා කොළඹ මරදාන සහිරා විදුහල් පිටියේ පැවැති මෙම තරගයේ අර්ධය නිමා වන විට ආනන්ද විiාලය ලකුණු 14-7 ක් ලෙස ඉදිරියෙන් විය. අනතුරුව දෙවන අර්ධයේදී තවත් ලකුණු 7 ක් තම පිලට එක් කිරීමට ආනන්ද ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව අවසන් ලකුණු තත්ත්වය වූයේ 21-7 ක් ලෙසය.

2022 මෙවර පාසල් රගර් තරග වාරයේ ආනන්ද පිල මෙහෙය වීමේ වගකීම දිනෙව් වෝහර කාරියප්පෙරුම විසින් ඉටු කළ අතර චනිරු පත්බේරිය උපනායකත්වය ඉසිලීය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආනන්ද විදුහල් සත් සාමාජික රගර් කණ්ඩායම් නායක දිනෙව් කාරියප්පෙරුම විසින් ශූරතා කුසලාන ශ්‍රී ලංකා රග්බි සංවර්ධන සභාපති රොෂාන් ඩීන් මහතා අතින් ලබාගන්නා අයුරු දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment