අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලිය – ලබන 20 වැනිදා ඇරඹේ!

186

අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලිය ලබන මස 20 වැනිදා සිට පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නිරෝධායන ඇඳිරිනීතිය ලබන මස 01 වැනිදා ඉවත් කළහොත් තරගාවලිය 20 වැනිදා සිට පැවැත්වීමට අවස්ථාව උදාවන බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නිරෝධායන ඇඳිරිනීතිය 01 වැනිදා ඉවත් නොකළහොත් තරගාවලිය තවදුරටත් කල් යන අතර ඊට හේතුව වන්නේ තරගාවලිය සඳහා පුහුණුවීමට අවම වශයෙන් සති 3 ක කාලයක් හෝ ලබා දෙන ලෙස කී‍්‍රඩා සමාජ විසින් කි‍්‍රකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමයි.

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 1 වැනිදා ඉවත් කළහොත් ඊට පසු දින සිට සෞඛ්‍ය නීති රීතිවලට අනුව කටයුතු කරමින් කණ්ඩායම්වලට මූලික පුහුණුවීම්වලට සහභාගි වන ලෙස කි‍්‍රකට් ආයතනය දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමු පෙළ තුන්දින කි‍්‍රකට් තරගාවලිය පවත්වන ආකාරය පිළිබඳව ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිත අතර තරග සඳහා සහභාගි වන කී‍්‍රඩකයන් කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටීම අනිවාර්ය වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment