අන්තර් සමාජ නැගීඑන ක‍්‍රිකට් තරගාවලිය අද ආරම්භ කෙරේ

127

අවුරුදු 23න් පහළ යොවුන් ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කරන ‘අන්තර් සමාජ නැඟී එන ක‍්‍රිකට්’ තරගාවලිය කණ්ඩායම් 26ක සහභාගිත්වයෙන් අද (18) ආරම්භ කෙරේ.

කණ්ඩායම් 26 කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිත අතර, එහිදී ‘ඒ’ සහ ‘ඞී’ කාණ්ඩවලට කණ්ඩායම් 7 බැගින් ද ‘බී’ සහ ‘සී’ සඳහා කණ්ඩායම් 6 බැගින් ද ඇතුළත් කර ඇත. මේ එක් කණ්ඩායමකට අවුරුදු 23න් පහළ ක‍්‍රීඩකයන් 9 දෙනකු ඇතුළත් විය යුතු අතර, 23න් ඉහළ ක‍්‍රීඩකයන් දෙදෙනකුට එක් වීමේ අවස්ථාව හිමි වෙයි.

තුන්දින තරග ලෙස තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මාස 2ක් පුරා ක‍්‍රියාත්මක වන තරගාවලියේ අවසන් මහා තරගය අපේ‍්‍රල් 22 වැනිදා ආරම්භ වීමට නියමිතය.

පසුගිය වසර කිහිපය පුරා එක්දින

තරගාවලියක් ලෙස පැවති මේ තරගාවලිය තුන්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන්නේ 2016 වසරෙන් පසුවය.

මූලික වටයේ තරග අපේ‍්‍රල් 3 වැනිදා නිමාවට පත් වන අතර, ඒ ඒ කාණ්ඩවල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට පිවිසෙයි. එම තරග දෙකේ ජයග‍්‍රාහකයන් අපේ‍්‍රල් 22 වැනිදා අවසන් මහා තරගයට එක් වනු ඇත. නිමා වූ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ ක‍්‍රීඩකයන් රැුසක් ද මේ තරගවලට එක් වීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩය

එස්එස්සී, සීසීසී, මුවර්ස්, ලන්කන්, නාවික හමුදාව, ගුවන් හමුදාව, සෙබස්තියනයිට්ස්

‘බී’ කාණ්ඩය

එන්සීසී, හලාවත මේරියන්ස්, මීගමුව, සැරසන්ස්, කුරුණෑගල යූත්, බ්ලූම්ෆීල්ඞ්

‘සී’ කාණ්ඩය

ටැමිල් යුනියන්, රාගම, බදුරලිය, පාණදුර, පොලිසිය, නුගේගොඩ

‘ඞී’ කාණ්ඩය

කෝල්ට්ස්, බීආර්සී, යුද හමුදාව, ඒස් කැපිටල්, කැන්ඩි කැස්ටම්ස්, ගාල්ල, කළුතර නාගරික

අද පැවැත්වෙන තරග

එස්එස්සී – සෙබස්තියනයිට්ස් (එස්එස්සී), ගුවන් හමුදාව – සීසීසී (කටුනායක), මුවර්ස් – නාවික හමුදාව (මුවර්ස්), එන්සීසී – බ්ලූම්ෆීල්ඞ් (එන්සීසී), හලාවත – කුරුණෑගල යූත් (ආර්.පේ‍්‍රමදාස), පාණදුර – බදුරලිය (පාණදුර), කළුතර – කෝල්ට්ස් (සරේ), බීආර්සී – ගාල්ල (බීආර්සී), කැන්ඩි කස්ටම්ස් – යුද හමුදාව (පනාගොඩ)

advertistmentadvertistment
advertistmentadvertistment