අන්තර් සමාජ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය – අවසන් මහා තරගයට කෝල්ට්ස් සහ එන්සීසී

217

අන්තර් සමාජ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට එන්සීසී ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා කණ්ඩායම ඊයේ (09 වැනිදා ) සමත් විය.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11 වැනිදා ) උදෑසන 10 ට කෝල්ට්ස් කණ්ඩායම සහ එන්සීසී කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලෙස පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී එන්සීසී කණ්ඩායම සහ මුවර්ස් කණ්ඩායම ඊයේ උදෑසන තරග වැදුණු අතර ඒස් කැපිටල් සහ කෝල්ට්ස් කණ්ඩායම අතර තරඟය ඊයේ පස්වරුවේ පැවැත්විණි.

පන්දු 18 කදී අර්ධ ශතකය වාර්තා කළ දික්වැල්ල ඉන් අනතුරුව ද තම ප්‍රහාරය දියත් කරමින් ඉතිරි පන්දු 6 ටද ලකුණු 20 ක් ලබාගත් අතර ඔහුගේ නොදැවුනු ඉනිමට එකතු වූ හතරේ පහර සංඛ්‍යාව 11 කි. අලංකාර හයේ පහර තුනක් ද වාර්තා කිරීමට සමත් වූ දික්වැල්ල අංක 5 පිතිකරුවා ලෙස පිටියට පිවිසි සහන් ආරච්චිගේ සමග 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක අඛණ්ඩ සම්බන්ධතාවයක් පැවැත්වීය.

අන්තර් සමාජ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය - අවසන් මහා තරගයට කෝල්ට්ස් සහ එන්සීසී

එන්සීසී කණ්ඩායම මුවර්ස් කණ්ඩායම පරදවා කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අතර කෝල්ට්ස් කණ්ඩායම ඒස් කැපිටල් කණ්ඩායම පරදවා කඩුලු 5 ක පහසු ජයක් ලැබීය.

එහිදී එන්සීසී කණ්ඩායම වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක පිතිහරඹයක නිරත වීමට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමත් වූ අතර කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දික්වැල්ල විසින් වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 70 කි.

දික්වැල්ලට නොදෙවෙනි වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ ද පන්දු 18 කදී හතරේ පහර තුනක් සමග හයේ පහර හතරක් තම ඉනිමට එක් කර ගත්තේය. සහන් ආරච්චිගේ සහ නිරෝෂන් දික්වැල්ල රමේෂ් මෙන්ඩිස් යැවූ තරගයේ 8වන පන්දුවාරයේදී ලකුණු 21 ක් උදුරා ගැනීමට සමත් වූ අතර මුවර්ස් ක්‍රීඩකයන් ලබාදුන් ඉලක්කය පන්දු වාර 9.5ක් තුළදී ඉක්මවා යෑමට එන්සීසී කණ්ඩායමට හැකි විය.

පන්දුවාර 13කට සීමා වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුවර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 131 ක් ලබා ගත් අතර සොහාන් දි ලිවේරා ලකුණු 37 ක් ලබමින් මුවර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේය.

අනෙක් අවසන් පූර්ව තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ධනංජය ලක්ෂාන් පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගෙන සහ පිත්තෙන් ද අර්ධ ශතකයක් ලබා ගනිමින් දස්කම් දැක්වූයේ ය.

ඒස් කැපිටල්ස් කණ්ඩායමේ කඩුලු හතරක් ලකුණු 30 කට ලබාගත් ධනංජය ලක්ෂාන් පන්දු 32 ක් තුළදී ලකුණු 51 ක් ලබමින් කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලම ලබා දුන්නේය.

හතරේ පහර සහ හයේ පහර 3 බැගින් තම ඉනිමට එකතු කරගත් ධනංජය ලක්ෂාන් තුන්වැනි කඩුල්ල සඳහා ඇන්ජලෝ මැතිව්ස් සමග ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීය. තනුක දාබරේගේ පන්දුවක් හමුවේ මැතිව්ස් දැවී ගියේ පන්දු 27 කදී ලකුණු 36 ක් රැස්කර තිබියදීය.

ඒස් කැපිටල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් ලබාගත් අතර කෝල්ට්ස් ක්‍රීඩකයෝ පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ඒස් කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් හුදකලා ඉනිමක නිරත වූ පවන්ත වීරසිංහ පන්දු 52 කදී ලකුණු 73 ක් ලබා ගත් අතර හතරේ පහර හයක් ද හයේ පහර හතරක් ද පවන්ත විසින් එල්ල කරන ලදි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment