අන්තර් සමාජ ප්‍රධානතම  ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට සිට

117

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් (තෙදින) ක්‍රිකට්  තරගාවලිය හෙට (19 වෙනිදා) ආරම්භවීමට නියමිතය.

 තරගාවලිය සඳහා කණ්ඩායම් 26ක් තරග කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිත අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 13ක් ඇතුළත් වේ.

 ඒ අනුව ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයේ කණ්ඩායම් සියල්ලම මූලික වටයේදී තරග 12කට ක්‍රීඩා කරනු ලබන අතර මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම බැගින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනියි.

 අවසන් මහා තරගය සිව්දින තරගයක් ලෙස මේ වසරේ නොවැම්බර් 16 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment