අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය හැව්ලොක්ස් අපරාජිතව පෙරමුණේ

157

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජයීය ප‍්‍රමුඛ පෙළ ලීග් රග්බී පාපන්දු ශූරතාවලියේ පළමු වටයේ සත් වැනි සති අන්තය නිමා වන විට ද ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ආරක්ෂා කර ගැනීමට අගනුවර හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට හැකි විය. ඒ තරග 05 ක් තුළ ප‍්‍රසාද ලකුණු 33 ක් රැුස් කර ගනිමිනි.

මෙවර තරගාවලියට එක් වෙමින් මුහුණ දුන් තරග සියල්ලම ජය ගනිමින් අදාළ ලකුණු එකතුව හැව්ලොක්ස් පිල සටහන් කර ගත්තේය.

ප‍්‍රතිවාදී කණ්ඩායම් 06 ක් පරාජය කරමින් ලබාගත් ලකුණු 30 ට අමතරව අතිරේක ප‍්‍රසාද ලකුණු 03 කට හිමිකම් කියන්නට ද ඔවුන්ට හැකියාව ලැබිණි.

මහනුවර ක‍්‍රීඩා සමාජයට දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වී තිබේ. ප‍්‍රසාද ලකුණු 30 ක් සමගින් දෙවන ස්ථානයේ මහනුවර ක‍්‍රීඩකයෝ පසුවන්නේ තරග 05 කට පමණක් මුහුණ දීමෙනි.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය හැව්ලොක්ස්  අපරාජිතව පෙරමුණේ

හැව්ලොක්ස් පිල තවත් එක් තරගයකට සහභාගි වීමට නියමිතව ඇති අතර මහනුවර පිලට ඉතිරිව තිබෙන තරග සංඛ්‍යාව 02 කි. යුද හමුදාවට සහ පොලිසියට ද තවත් තරග 02 බැගින් ඉතිරිව තිබේ.

මූලික වටයේ සියලූ තරග අවසාන කිරීමට නාවික හමුදාව, සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. සහ ගුවන් හමුදාව සමත්වී සිටිති.

පසුගිය සතියේ තෙවන ස්ථානය තහවුරු කර ගෙන සිටි ගුවන් හමුදාවට මෙවර හිමි වී ඇත්තේ 04 වැනි ස්ථානයයි.

ගුවන් හමුදාව පරාජය කරමින් ලද ජයග‍්‍රහණයත් සමඟින් තෙවැනි ස්ථානයට ඉහළ නැ`ගීමට සී. එච්. ඇන්ඞ් එෆ්.සී. පිලට හැකි විය.

නාවික හමුදාවට 05 වැනි ස්ථානය ද පොලිසියට 06 වැනි ස්ථානය ද සී.ආර්. පිලට 07 වැනි ස්ථානය ද හිමි වී තිබේ. යුද හමුදාව තවමත් අවසන් ස්ථානයේ පසු වෙයි.

හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 19 උත්සාහක දිනුම් 07 සහ දඬුවම් පහර 03 ආශ‍්‍රිතව තම ලකුණු එකතුව වාර්තා කර ගෙන ඇති අතර මහනුවර පිල ගෝල් දිනුම් 18, උත්සාහක දිනුම් 09 සහ දඬුවම් පහර 06 ක් මගින් ලකුණු එකතුව සටහන් කර ගත්තේය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට අතිරේක ප‍්‍රසාද ලකුණු 03 ක් හිමිවන අතර වාරයේ මහනුවරට ලැබී ඇති අතිරේක ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 05 කි. සී. එච්. ඇන්ඞ් එෆ්.සී. පිල හිමිකර ගත් අතිරේක ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 05 කි.

සී. එච්. ඇන්ඞ් එෆ්.සී. පිල සහ ගුවන් හමුදාව තරග 03 බැගින් ද පොලිසිය සහ නාවික හමුදාව තරග 02 බැගින් ද ජය ගැනීමට සමත් වී ඇති අතර යුද හමුදාවට පළමු ජයග‍්‍රහණය පසුගිය සති අන්තයේදී සටහන් කර ගැනීමට හැකි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment