අන්තර් සමාජ විස්සයි 20 තරගාවලිය ලබන 22

106

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 22 වැනිදා සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසන් මහ තරගය ජුනි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

 දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු විස්සයි-20 දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මෙවරත් ඒ, බී, සී සහ ඩී වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ සහ සී කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින්ද බී සහ ඩී කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.

 ජුනි මස 02 වැනිදා දක්වා මූලික වටයේ තරග ක්‍රියාත්මක මෙම තරගාවලියේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

 විස්සයි-20 තරග බැවින් මෙම තරගාවලියේදී තරග ක්‍රියාත්මක සෑම දිනකම උදෑසන සහ පස්වරුවේ එක් පිටියක තරග 2 බැගින් පැවැත්වෙනු ඇත.

 අවසන් වරට පැවැති දේශීය ක්‍රිකට් විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ එස්.එස්.සී. කණ්ඩායම සමත්වද්දී එහි අනුශූරතාව යුද හමුදා කණ්ඩායමට හිමි විය.

 ඒ කාණ්ඩය – බදුරලිය, සී.සී.සී. එස්.එස්.සී., සැරසන්ස්, ගුවන් හමුදාව, ලංකන්ස්, ඒස් කැපිටල්.

 බී කාණ්ඩය – එන්.සී.සී., රාගම, බී.ආර්. සී, පානදුර, හලාවත මේරියන්ස්, නුගේගොඩ

 සී කාණ්ඩය – ටැමිල් යුනියන්, නිගම්බු, කෝල්ට්ස්, පොලිස්, කැන්ඩි කස්ටම්ස්, සෙබස්තියනයිට්ස්.

 ඩී කාණ්ඩය – යුද හමුදාව, කුරුණෑගල තරුණ, මුවර්ස්, ගෝල්, බ්ලූම්ෆීල්ඩ්, නාවික හමුදාව, කළුතර නාගරික

advertistmentadvertistment
advertistmentadvertistment