අන්තරේ ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

240

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් කොළඹ දී අද සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට කොටුව කොල්ලුපිටිය හා කොම්පඥ්ඥ වීදිය යන පොලිස් ස්ථාන මගින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ නියෝගය නිකුත්කර තිබේ.

එම නියෝගයට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ ළහිරු වීරසේකර ඇතුළු වගඋත්තරකරුවන් 13 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඔවුනට අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය, ගාලුමුවදොර පිටිය හා ගාලුමුවදොර වටරවුමේ සිට එන්.එස්.ඒ වටරවුම දක්වා ඇතුළුවීමෙන් වැළකිය යුතු බව අදාළ නියෝගයෙන් දැනුම් දී ඇත.

එමෙන්ම පොදු හා පුද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත්ල මහජනයා ප්‍රකෝප වියහැකි ප්‍රචන්ඩකාරී සිදුවීම් සිදුනොකරන ලෙසටත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සිය නියෝගයෙන් වගඋත්තරකරුවන් වෙත දැනුම් දී තිබේග

advertistmentadvertistment
advertistmentadvertistment