අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ජිනරතන හිමියන්ට වරෙන්තු

208

කොළඹ නගරයේ මාර්ග අයුතු ලෙස අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනීනොසිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා රත්කැරුව්වේ ජිනරතන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) වරෙන්තු නිකුත් කළේය.

2021 වසරේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මෙහෙයවීම යටතේ පැවැති උද්ඝෝෂණයකදී අයුතු ලෙස මාර්ග අවහිර කිරීමක් සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (21දා) කැඳවූ අවස්ථාවේදී කොටුව පොලිසිය කළ ඉල්ලීම සලකා බැලු මහෙස්ත්‍රාත්වයා එම නියෝගය කළේය. පසුගිය මාස තුනකට අධික කාලයක් තිස්සේ නිර්පාක්‍ෂික අරගලකරුවන් දියත්කොට ඇති රජයට එරෙහි අරගලයේ සක්‍රිය ක්‍රියාකාරීන් වන ඔවුන් දිගින් දිගටම අධිකරණය මගහැරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි පෙන්වා දෙමින් කොටුව පොලිසිය කළ කරුණු දැක්වීම් සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment