අන්තරේ වසන්තලාට විපක්ෂ නායක පෙනී සිටී

97

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්ගම සිරිධම්ම හිමි, හෂාන්ත ගුණතිලක යන තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ඔවුන්ට විරුද්ධව චෝදනා ඇත්නම් සාමාන්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ ඔවුන් තංගල්ලේ සිරගත කරලා තියෙනවා. දැනට දින 48කට වැඩියි. අපිට අහන්න ලැබෙනවා වසන්ත මුදලිගේව රෑට රෑට මල්වාන, කලවාන, නවගමුව යන ප්‍රදේශවලට ගෙනියනවා කියා. මම දන්නේ නෑ මොනවද කරන්නේ කියලා. ඇයි මේක දවල්ට කරන්නේ නැත්තේ. අවසානයේ මොනවා හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයිල මෙන්න පැනලා යන්න හැදුවා වෙඩිතිබ්බා කියලා යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment