අන්තවාදීන් නගර අල්ලා ගැනීම වැළැක්වීමට ඇෆ්ගනිස්තානය පුරා ඇඳිරි නීතිය පනවයි

263

තලිබාන් අන්තවාදී කණ්ඩායම විසින් නගර ආක‍්‍රමණය කිරීම වැළැක්වීම සඳහා  ඇෆ්ගනිස්තාන් රජය විසින් පෙරේදා (24දා) සිට රට පුරා මසක කාලයකට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. මෙම ඇඳිරි නීතිය යටතේ ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නගරයේ හා තවත් පළාත් දෙකක ජනතාවට හැර රටේ සෙසු සියලූ ප‍්‍රදේශවල ජනතාවට දිනපතා රාත‍්‍රී 10 සිට පසු දින උදෑසන 4 දක්වා කාලය තුළ සංචරණය තහනම් කර තිබේ.
 
 ඇෆ්ගනිස්තානයෙන් විදෙස් හමුදාවන් ඉවත්වීම ඇරඹීමත් සමගම තලිබාන් අන්තවාදීන් හා ඇෆ්ගන් හමුදාවන් අතර පවතින සටන් ඉකුත් දෙමසක කාලය තුළදී වැඩි වී තිබේ. මේ වන විට මෙම සටන්වලින් අන්තවාදීන් විසින් රටේ භුමි භාගයෙන් හරි අඩක් සිය පාලනය යටතට ගෙන ඇති බව වාර්තා වී තිබේ. ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදාවන් ඉවත්කර ගැනීමට පටන් ගැනීමෙන් පසු තලිබාන් අන්තවාදීන් විසින් දේශසීමා හුවමාරු ස්ථාන මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල පාලනය සියතට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment