අන්තවාදීන් 55 දෙනා ගැන ඉන්ටර්පෝල් එකටත් කියයි

323

රජය විසින් අසාදු ලේඛන ගත කළ මෙරට ඉස්ලාමීය අන්තවාදී පුද්ගලයන් 55 දෙනා සම්බන්ධව ජාත්‍යන්තර පොලිසියට ද දැනුම්දීමට රජය පියවරගෙන ඇත.

මොවුන් අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් බව අනාවරණය කරගෙන තිබේ.

එසේම මොවුන් ගැන මැද පෙරදිග රටවල් වෙතද දැන්වීමට රජය ක්‍රියාකර ඇත.

අයිසිස් සංවිධානය මොවුන්ට ලබාදුන් නම්ද බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ. අබුතාපා – අබුමුනාස් අබු සවාද් අබු අලි වැනි නම්වලින් මොවුන් හඳුන්වා ඇති අතර පාස්කු ප්‍රහාරය සිදුවන තුරු මෙම අයිසිස් ක්‍රියාකාරීන් ගැන හෙළිවී නොතිබිණි. මොවුන් පුත්තලම, වව්නියාව, හිගුල, කොළඹ, කාතන්කුඩි ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක අයිසිස් නියෝජිතයන් ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ අයිසිස් ක්‍රියාකාරීන් තහනමට ලක්වූයේ මුල්වරටය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment