අන්තිමයාගෙන් පළමුවැනියා ට ප්‍රහාරයක්

400

මෙවර අයිපීඑල් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම පරදවා ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට එම සටහනේ අවසන් ස්ථානයට ශ්‍රේණිගතව සිටින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්විය.
එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබා ගත් අතර ගුජරාටි කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 125 ක් පමණි.
ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 12ක් ලබා ගත යුතුව තිබුණත් දිල්ලි කණ්ඩායමේ ජේෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ඉශාන්ට් ශර්මා එහිදී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු හතක් පමණි.
එහෙත් මෙම පරාජයෙන් පසුව වුවද ගුජරාටි කණ්ඩායම ප්‍රසාද ලකුණු 12 ක් ලබාගෙන එහි පෙරමුණේ පසුවේ.දිල්ලි අවසන් ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 6 ක් සමගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment