අන්තිම ගමනටත් තෙල් පොල්ලක් !

356

ඉන්ධන අර්බුදය හේතුවෙන් නියමිත දිනයේ ඥාතීන්ට මළ සිරුරු භාරදීමට නොහැකිවීම නිසා තවදුරටත් මල්ශාලා පවත්වාගෙන යෑමට අසීරුවී ඇතැයි මල්ශාලා හිමියෝ “දිවයින”ට ඊයේ (27 ද) පැවසූහ.

මීට අමතරව මළ සිරුරු එම්බාම් කිරීමේ ගාස්තුව ද සියයට 50 කින් පමණ ඉහළගොස් ඇති අතර මිනී පෙට්ටි සපයන්නන්ද එක් මිනී පෙට්ටියක මිල රු.පන්දහසකින් ඉහළ නංවා ඇතැයි මල්ශාලා හිමියෝ කියති.

මේ පිළිබඳව කරුණු දැක්වූ මල්ශාලා හිමියකු පැවසුවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් මළ සිරුරු නියම කාලය ඇතුළත ඥාතීන්ට භාරදීම අපහසු වන අතර මේ හේතුවෙන් මියගිය අයගේ පවුල් අතර පවා මත ගැටුම් ඇතිවන බවයි.

මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් මල්ශාලා වසා දැමීමට පවා සිදුවෙන බව ද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment