අන්දමන් දූපත්වල අපේ ධීවරයන් හතරක් මාසයක් තිස්සේ රඳවාගෙන

229

අන්දමන් දූපත්වල රඳවා සිටින ධීවරයින් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.

වාලච්චේන ධීවරයන් හතරදෙනකු ඉකුත් සැප්තැම්බර් මස 26 වැනි දින වාලච්චේන ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටපත්ව ගොස් අතුරුදන්ව සිටි එම ධීවරයින් සිවුදෙනා ශ‍්‍රී ලංකාවේ සිට මීටර් 600 ක් පමණ ඈත මුහුදේ සිටියදී ඉන්දීය නාවික හමුදාව විසින් බේරාගෙන තිබුණි.

අන්දමන් දූපත්වල අපේ ධීවරයන් හතරක් මාසයක් තිස්සේ රඳවාගෙන

අතුරුදන්ව ඇති බවට පවුලේ ඥාතීන් දිස්ත‍්‍රික් ධීවර ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ධීවරයන් සොයාගැනීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉන්දීය නාවික හමුදාවේ සහයෝගය ලබාගැනීමට පියවර ගෙන තිබූ අතර ඒ අනුව මෙම ධීවරයින් බේරාගැනීමට හැකි වී තිබුණි.

එම ධීවරයන් හතරදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාවට හැකි වූ අතර පසුව ඔවුන් අන්දමන් දූපතට රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

අතුරුදන්ව සිටි ධීවරයන් සිවුදෙනා බේරාගෙන අන්දමන් දූපත්වල රඳවා ඇති බවට ඉන්දීය නාවික හමුදාව මගින් ධීවර අමාත්‍යාංශය දැනුවත් කිරීමෙන් පසු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ රජයේ වියදමින් මෙම ධීවරයන් සිවුදෙනා ලංකාවට රැගෙන ඒම සඳහා කටයුතු කරන ලෙසයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment