අන්දරවැව චෛත්‍ය සංරක්‍ෂණයේදී ධාතුන් වහන්සේ නමක් හමු වෙයි

243

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින නොච්චියාගම අන්දරවැව විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සිදුකරද්දී පෙරේදා (15) දින රන් පතක ඔතා නිදන් කොට තිබූ ධාතූන් වහන්සේ නමක් හමු වී ඇත.

මෙම චෛත්‍ය ක‍්‍රි.පූ. 237දී පමණ ඉදිකරන ලද චෛත්‍යක් බව ඒ අසලින් හමු වී ඇති සෙල් ලිපියක ස`දහන්ව ඇති බව නොච්චියාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ජනාධිපති සම්මානලාභි ශ‍්‍රාස්ත‍්‍රවේදී අන්දරවැව ශෛලබිම්බාරාමාධිපති පූජ්‍ය පඥාසාර හිමියෝ පැවසූහ.

නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත මෙම ධාතූන් වහන්සේ ඊයේ (16දා) මහජන ප‍්‍රදර්ශනය සඳහා පියවර ගත් අතර බැතිමතුන් විශාල පිරිසක් මෙම ධාතූන් වහන්සේ වැ`ද පුදා ගැනීමට පැමිණ සිටියහ. මේ පිළිබ`දව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගනිමින් සිටියි.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment