අනාගතය අත්විඳින්න NSB Pay

289

වර්තමානයේ මූල්‍ය විසඳුම් ලබා  ගැනීම සඳහා බැංකු හෝ මූල්‍ය ආයතන වෙත පැමිණෙන බොහොමයක්  ගනුදෙනුකාරභවතුන් බලාපොරොත්තු වන්නේ එක් සමාජ තලයකට හෝ ආර්ථික මට්ටමකට අදාළව නිපදවූ විසඳුම් නොව ඔවුන් එකිනෙකාගේ අභිමතාර්ථ, සිහින හා හැකියාවන් හඳුනාගත හැකි මානුෂීය, ප‍්‍රායෝගික හා තාක්ෂණික මූල්‍ය විසඳුම්ය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මොබයිල් යෙදවුම හඳුන්වා දීමේ උත්සවයේ විශේෂිත අවස්ථා
 

nsb2
nsb3

එකී අභියෝග මනාව හඳුනාගත් ඉතුරුම්කරණයේ දේශීය සන්නාමය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද ශ‍්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමන්නේ අපගේ නවතම ජංගම දුරකථන යෙදවුමයි. මෙම NSB Pay ඇප් එක ඕනෑම ඇන්ඩ්‍රොයිඞ් හෝ ඇපල්   මෘදුකාංගයන් මත ක‍්‍රියාත්මක සුහුරු ජංගම දුරකථනයක් මගින් බාගත කර භාවිතා කළ හැකියි.
 
 ස්මාර්ට් ජංගම දුරකථනයේ පරිණාමය සමගින් ජංගම දුරකථන යෙදවුම් ලොව සියලූ වෙළෙඳපොළ ආක‍්‍රමණය කර තිබෙනවා. ජංගම දුරකථන යෙදවුමක් භාවිතා නොවන ක්ෂේත‍්‍රයක් නම් කිරීම පවා අපහසුයි. ඉතා පහසුවෙන් හා ආරක්ෂිතව ඔබගේ එදිනෙදා මූල්‍ය වැඩකටයුතු දැන් ඇඟිලි තුඩක දුරින් හා තත්පර
 
 ගණනකින් කර ගැනීම සඳහා අපගේ  ගනුදෙනුකාරභාවතුන් යොමු කිරීම NSB Pay ජංගම යෙදවුමේ ප‍්‍රමුඛතම අරමුණයි. සරල පියවරයන් කිහිපයක් මගින් තම අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව ඔබගේ ඉතුරුම් ගිණුම ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ NSB Pay යෙදවුම සමග සම්බන්ධ වෙනවා.
 
 දවසේ පැය 24 පුරාම ඕනෑම දිනක ඔබගේ මූල්‍ය අවශ්‍යතාවයන් නිදහසේ සහ ආරක්ෂිතව ඉටුකර ගැනීමට මෙමගින් හැකියාව ලැබේ. එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ e connect අන්තර්ජාල බැංකුකරණයේ පහසුකම් විඳ ඇති අප ගනුදෙනුකරුවන්හට NSB Pay ඇප් එක හුරුපුරුදු අත්දැකීමක් වනු ඇත.
 
 මුදල් තැන්පත් කිරීම, ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීම, වෙනත් බැංකුවක ගිණුමක් කරා මුදල් යොමු කිරීම, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණය වාරික ගෙවීම, බිල්පත් ගෙවීම, ගිණුම් ශේෂයන් පරික්ෂා කිරීම, QR කෝඞ් මගින් ගනුදෙනු කිරීම හා ක්ෂණිකව අප බැංකුවේ දුරකථන මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමේ හැකියාව ඇතුළු පහසුකම් රාශියක් NSB Pay යෙදවුම මගින් සැලසේ. බැංකු ශාඛාවක් වෙතට පැමිණීමෙන් ලබා ගන්නා සේවාවන් ක‍්‍රමයෙන් අන්තර්ජාලය ඔස්සේ හා ජංගම දුරකථන යෙදවුම් හරහා ඉතා ඉක්මනින් හා සුරක්ෂිතව කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මිලියන 19කට අධික ගනුදෙනුකාරභවතුන් හට මෙමගින් හැකි වෙනවා. අති නවීන මූල්‍ය ජංගම යෙදවුම්හි දක්නට ලැබෙන QR කෝඞ් :කේතයන්) ස්කෑන් කර මුදල් ගෙවීම් සිදු කිරීමේ පහසුකමද NSB Pay ඇප් එක ඔස්සේ අත්විඳින්න පුළුවන්. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම QRකෝඞ් මගින් ගනුදෙනු කිරීම සඳහා ජනතාව සහ මූල්‍ය ආයතන දිරිගැන්වීමේ ක‍්‍රියාවලිය තුළින් බිහිවූ සාර්ථක ප‍්‍රතිඵලයක් ලෙස මෙම විශේෂාංගය හඳුන්වාදෙන්න පුළුවන්.
 
 1972 වර්ෂයේ එවකට ගරු මුදල් අමාත්‍ය N M පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලබන වසරේදී 50වන සංවත්සරය සැමරීමටත් නියමිතයි. අඩ සියවසක අභිමානය සැමරීම සඳහා පෙරගමන් යන අපි, එහි එක් විශේෂ අවස්ථාවක් ලෙස මෙම ජංගම යෙදවුම එළිදැක්වීම නම් කිරීමට හැකියි.
 
 එමෙන් අද අප රට මේ පසුකරමින් සිටින්නේ ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ජේදයක් 2019 වසර අගභාගයේදී මුළු ලොවම ඉතා අවාසනාවන්ත ලෙස කොවිඞ් 19 වසංගත රෝගයට ගොදුරු වුණා. උස් පහත් භේදයකින් තොරව මෙම රෝගය ලොව පුරා රටවල් සියල්ලකම පාසා ව්‍යාප්ත වන්නට වූවා. එය වැළැක්වීමට මේ සියලූ රටවල්
 
 අනුගමනය කළ අයුරින් අප රටත් සෞඛ්‍ය අංශවල නිගමනයන්ට අනුව රට වසා දැමුවා. නමුත් රටක බැංකු පද්ධතිය හා එහි දෛනික ක‍්‍රියාවලිය එලෙස සීමා කිරීම ආර්ථිකය කෙරෙහි හා පොදු ජනතාවගේ එදිනදා ජීවිතය කෙරෙහි ඇති කරන දැඩි බලපෑම හේතුකොට ගෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා අනෙක් බැංකු සියල්ලම මුදල් අමාත්‍යාංශයේ නායකත්වය යටතේ හා ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මගපෙන්වීම යටතේ මෙම ගෝලීය වසංගතය මධ්‍යයේ වුවද සිය වැඩකටයුතු අඛණ්ඩව නොපිරිහෙලා ඉටු කළා. එම කැපකිරිම්හි ප‍්‍රතිඵලයක් ලෙස අප බැංකුව 2020 වසරේදී මෙතක් කාලයක් පුරා වාර්තා කළ ඉහළම වාර්ෂික බදු පෙර ලාභය වන රු. බිලියන 15.6ක් කරනු ලැබුවා. එමෙන්මල 2020දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වත්කම් ප‍්‍රමාණය රු. ටි‍්‍රලියන1.4 ක් දක්වා වර්ධනය වුණා. එය පෙර වසරට සාපේක්ෂව 17.8%ක වර්ධනයක්.
 
 මෙම ජයග‍්‍රහණයන් අත්පත් කර ගැනීමට දායකවූ අපගේ ආදරණීය  ගනුදෙනුකාරභවතුන් හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක මහත්ම මහත්මීන් හට මෙහි ගෞරවය හිමි වනවා. එමෙන්ම අද අප රට මේ කෝවිඞ් 19 වසංගත රෝගයෙන් මුදා ගැනීම සඳහා නිබඳව කැපවෙන සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු රජයේ හා පෞද්ගලික අංශයන්හි නිලධාරී මහත්ම මහත්මීන් ගන්නා වූ අපමණ වෙහෙස වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හදපිරි ප‍්‍රණාමය පුද කරනු ලබනවා. ඔබත් අදම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජංගම දුරකථන යෙදවුම වන NSB Pay ඇප් එක ඩවුන්ලෝඞ් කර අනාගත මූල්‍ය විසඳුම් අද අත්විඳින්න.

advertistmentadvertistment
advertistmentadvertistment