අනාගත නායකයන් බිහිකිරීම වෙනුවෙන් Bours Toastmasters Club ඇරඹෙයි

161
BTC සාමාජිකයෝ බවර්ස් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තර නිලධාරීන් සමග

මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන බවර් සමාගම සිය කාර්යමණ්ඩල සාමාජිකයන් අතර ඵලදායී සන්නිවේදන සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ටෝස්ට්මාස්ටර් සංගමයක් (Bours Toastmasters Club) ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

එහි පළමු විධායක කමිටුව පත් කිරීමේ නිල උත්සවය ඉකුත්දා කොළඹදී පැවැත්විණි.

මෙම උත්සවයට බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරි රොල්ෆ් බ්ලාසර් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අතර ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික්ක 82හි අධ්‍යක්‍ෂ ශිරන්ති සල්ගාදු මහත්මිය විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූවාය. බවර්ස් අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෝ මෙන්ම Colmbo Toastmasters Club හි සභාපතිනිය වන DTM ශයාමලී ජයසේකර මහත්මිය ඇතුළු දිස්ත්‍රික් 82 ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරයේ ඉහළ නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

Colmbo Toastmasters Club ස්ථාපික කරනු ලබන අවස්ථාවට සහභාගිවීමට ලැබීම ඇත්තෙන්ම සුවිශේෂී මොහොතක්. මෙය අපගේ කාර්යමණ්ඩලය සාමාජිකයන් රැසක්, ඵලදායි සන්නිවේදකයන් සහ නායකයන් බවට පරිවර්තනය වන දිගු ගමනක් ආරම්භයයි. ඒ වගේම ඔවුන් උගත් දේ අන්‍යයින් සමග බෙදා ගැනීමටත්, ඒ හරහා ප්‍රජාවට යම් දායකත්වයක් සැලසීමටත් ඔවුන්ට අවකාශ උදාවෙනවා යනුවෙන් උත්සව සභාව අමතමින් රොල්ෆ් බ්ලාසර් මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment