අනාරක්ෂිත ලෙස ප්‍රවාහනයෙන් වාර්ෂිකව එළවළු – පලතුරු අස්වනු 40% ක් විනාශයි

119

ඇමැති අමරවීර කියයි

නිසි ආරක්ෂිත සැලැස්මක් නොමැතිව එළවළු හා පලතුරු ප්‍රවාහනය කිරීම හේතුවෙන් වාර්ෂිකව එළවළු සියයට දහනමයක් හා පලතුරු සියයට විසි එකක් විනාශ වී යන බව හෙළි වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව වාර්ෂිකව එළවළු මෙටි්‍රක් ටොන් 221955 ක් ද පලතුරු මෙටි්‍රක් ටොන් 290151 ක් ද ජනතා පරිභෝජනයට අහිමි වී යන බව ආහාර ආරක්ෂිතතාවය පිළිබඳ විශ්වවිද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සියලු පහසුකම්වලින් සමන්විත ප්‍රථම ආහාර පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

එසේම ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත් අස්වනුවලින් සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වන බවත් හෙතෙම මෙහිදී කියා සිටියේය.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment