අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් අවුරුදු තුන හමාරක දැරිය මරුට

226

නිවස ආසන්නයේ පිහිටි අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් (1 දා) වයස අවුරුදු තුනහමාරක දැරියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ වැලිමඩ සිල්මියාපුර වීවනහුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුනහමාරක දැරියකි. දැරියගේ පියා විදෙස්ගතව සිටින බවත් දැරිය මව සමග නිවසේ සිට ඇති බවත් පොලිසිය පවසයි. දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති බවත් ඇය නිවස ආශ්‍රිතව පෙනීමට නොසිටි නිසා දැරිය ගැන සොයා බැලීමේදී දැරිය නිවස ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක තිබේ. ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දැරිය ගොඩට ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

මියගිය දැරියගේ දේහය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා බදුල්ල මහ රෝහල වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධව කැප්පෙටිපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කා:පො:ප: නිරෝෂා, පො:සැ: 63593 තිලකරත්න, පො:සැ: 33860 දිසානායක, පො:සැ: 73918 ජයන්ත යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.
බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment