අනියම් ඇසුර නොනවැත්වූවැයි සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කරයි

1082

කලක් තිස්සේ අඹුසැමි යුවලක් අතර පැවති පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් අම්බලන්තොට දැහැමිපුර ප්‍රදේශයේදී සැමියා විසින් 50 හැවිරිදි බිරිඳගේ ගෙල කපා 24 දින පෙරවරුවේ ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට පොලිස් වසමේ පිහිටි අංක 58, දැහැමිපුර, පහළ බැරගම, අම්බලන්තොට ලිපිනයේ පදිංචි 50 හැවිරිදි ගම්මුල්ල හේවා සමරප්පුලිගේ ශ්‍රියානි නැමති දෙදරු මවකි.

මියගිය 50 හැවිරිදි බිරිඳ අනියම් ඇසුරක් පවත්වාගෙන යෑම හේතුවෙන් සැමියා හා බිරිඳ කලක සිට වෙන්ව ජීවත්ව සිට ඇති අතර බිරිඳගේ අනියම් ඇසුර හේතුවෙන් දෙදෙනා අතර කළ සිට පවුල් ආරවුලක්ද පැවතී තිබේ. 24 දිනද බිරිඳගේ අනියම් සබඳතාවෙය පිළිබඳ බිරිඳ හා සැමියා අතර බහින් බස්වීමක් සිදුව තිබේ. එහිදී ඇති වූ බහින් බස්වීම දුරදිග ගොස් සැමියා විසින් මන්නා පිහියකින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධියට සැකපිට මියගිය කාන්තාවගේ 58 හැවිරිදි සැමියා වන හේවා කොළඹගේ සුනිල් නැමති අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැමියා මූලික ප්‍රශ්න කිරීමෙන් පසු 25 දින හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය වූ ස්ථානය පිළිබඳ අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණු අතර සිද්ධිය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය 24 දින සවස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. ආරියසේන මහතා විසින් පැවැත් වූ අතර සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අම්බලන්තොට පොලිසියට නියෝග කෙරුණි.හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී ආරියරත්න, අම්බලන්තොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අම්බලන්තොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඇතුණ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment