අනියම් පෙමට සැමියා බිලිදුන් ග‍්‍රාම නිලධාරිනිය අල්ලන්න පරීක්‍ෂණ – ඝාතනයට හමුදා බුද්ධි අංශ 7 දෙනකුත් හවුල් වෙලා

447

අනියම් සම්බන්ධයක් මුල්කර ගෙන ඇතිවූ ආරවුලක් මත යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසක් යොදා ගෙන සිය සැමියා ඝාතනය කළ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිනියක් ඇතුළු හමුදා බුද්ධි අංශ සෙබළුන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

 සැකකාර ග‍්‍රාම නිලධාරිනිය සහ හමුදා කෝප‍්‍රල්වරයකු අතර පැවැති අනියම් ඇසුරක් මෙම ඝාතනයට හේතුවී ඇත.

 කොළඹ උතුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළුන් හත් දෙනකුගෙන් මේ වන විට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

 මෙම අබිරහස් ඝාතනය සිදුවී ඇත්තේ ඉකුත් අගෝස්තු මස 14 වැනිදාය. ඝාතනයට ලක්ව ඇත්තේ අකිල නමැති පුද්ගයෙකි.

 ඔහු සිය යතුරුපැදියෙන් යමින් සිටියදී බොලෙරෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණ ඇති බව කියන හමුදා බුද්ධි අංශ සෙබළුන් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර සේදවත්ත ප‍්‍රදේශයෙන් කැලණි ගඟට සිරුර දමා ඇත.

 ග‍්‍රාම නිලධාරිනියගේ සැමියාගේ සිරුර මෝදර කාක ¥පතට ඉකුත් 15 වැනිදා ගොඩ ගසා තිබියදී පොලිසිය මගින් සොයා ගන්නා ලදී.

 ඒ වන විට මෙම සිරුරේ අත්පා එකට ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි.

 කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ කළ කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පි‍්‍රයන්ත, උ.පො.ප. ජයසිංහ ඇතුළු නිලධාරීන් මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගෙන තිබේ.

 මට්ටක්කුලිය පොලිස් වසමේ රාජකාරි කරන ග‍්‍රාම නිලධාරිනියක් කොළඹ උතුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක කෝප‍්‍රල්වරයකු සමග කාලයක සිට අනියම් ඇසුරක් පවත්වා ඇත.

 එම සම්බන්ධය හෙළිවීමෙන් පසු ඔවුන් අතර නිතර නිතර ආරවුල් ඇතිවී තිබිණි.

 පසුව මෙම ග‍්‍රාම නිලධාරිනිය හමුදා බුද්ධි අංශ කෝප‍්‍රල්වරයා සමග එක්ව සැමියා ඝාතනය කිරීමට සැලසුමක් සකස් කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

 මෙම ඝාතනය සඳහා කොළඹ උතුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරක බුද්ධි අංශ සෙබළුන් හත් දෙනකු යොදාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේද සහාය ඒ සඳහා ලැබී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment