අනියම් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප මිතුරන්ට බෙදාහැරි තරුණයාට ඇප

852

අනියම් පෙම නවතා දැමීමෙන් උරණ වූ කාර්යාල පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සේවා ස්ථානයේ මිතුරන්ට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ බෙදාහැර තිබේ. මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පෙම්වතා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් සංජය එල්. එම්. විජේසිංහ මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකාර පෙම්වතා මුදාහැරීමට නියෝග කළේය.

මෙලෙස ඇපමත මුදා හරින ලද්දේ දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි රක්ෂණ ආයතනයක සේවයේ නියුතු අයෙකි. එම ආයතනයෙහිම සේවයේ නියුතු දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහක එක් දරු මවක් වන අතර ඇයගේ සැමියා විදෙස්ගතව සිටින බවත් අදාළ කාන්තාව සිය රැකියා ස්ථානයේම තරුණයකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇත. ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකම අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර වට්ස්ඇප් ඔස්සේ නිරුවත් වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇති බවත් එම අවස්ථාවන් සැකකාර පෙම්වතා විසින් ඔහුගේ ජංගම දුරකතනයේ පටිගත කර ගෙන ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් දෙහිවල පොලිසියේ නිලධාරීන් පැවසීය.

විදෙස්ගත සැමියා මෙරටට පැමිණීමත් සමග පැමිණිලිකාරිය විසින් පැවති අනියම් සම්බන්ධය නවතා දමා ඇතැයි ද ඒ සම්බන්ධව උරණ වූ සැකකාර පෙම්වතා අදාළ නිරුවත් ඡුායාරූප සේවා ස්ථානයේ මිතුරන්ට අන්තර් ජාලය ඔස්සේ මුදාහැර ඇති බව දෙහිවල පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

ලබන පෙබරවාරි මස 22 වන දින සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

ගල්කිස්ස අධිකරණය – ඞී. රුවන්දි
 

advertistmentadvertistment
advertistmentadvertistment