අනියම් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සැමියාට හා නැගණියට යැවූ පෙම්වතාට ඇප

2262

අනියම් පෙම නවතා දැමීමෙන් උරණ වූ ෆේස්බුක් පෙම්වතා විසින් පෙම්වතියගේ නිරුවත් ඡුායාරූප සහ වීඩියෝ දර්ශනයක් ඇයගේ සැමියාට සහ නැගණියට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු පෙරේදා (28 වැනිදා) දින ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපමත මුදාහැරීමට නියෝග කළේය.

මෙලෙස ඇපමත මුදා හරින ලද්දේ රත්මලානේ පදිංචි තෙවන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙකි.

අක්මීමන ප‍්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහක කාන්තාවක් වන අතර ඇයගේ සැමියා විදෙස්ගතව සිටින බවත් අදාළ කාන්තාව සිය ෆේස්බුක් ගිණුම හරහා හඳුනාගත් තරුණයකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇත. ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකම අඹුසැමියන් ලෙස හැසිරී ඇති අතර වට්ස්ඇප් ඔස්සේ නිරුවත් වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති බවත් එම අවස්ථාවන් සැකකාර පෙම්වතා විසින් ඔහුගේ ජංගම දුරකතනයේ ඒවා පටිගත කර ගෙන ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසීය.

පසුව ඇතිවූ විවිධ නොගැලපීම් හේතුවෙන් පැමිණිලිකාරිය විසින් සම්බන්ධය නවතා දමා ඇතැයි ද ඒ සම්බන්ධව උරණ වූ සැකකරු අදාළ නිරුවත් ඡුායාරූප හා වීඩියෝවක් විදෙස්ගතව සිටින ඇයගේ සැමියාට සහ ඇයගේ නැගණියට මුදාහැර ඇති බවත් සැකකරුගේ ජංගම දුරකථනයේ අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය. ලබන නොවැම්බර් මස 02 වන දින සැකකරුට නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

ගල්කිස්ස අධිකරණය – ඞී. රුවන්දි
 

advertistmentadvertistment
advertistmentadvertistment