අනියම් පෙමින් බිහිවුණු දරුවා වළදැමූ මව අත්අඩංගුවට – පෙකිණිවැල කපා ඇත්තේ උදැල්ලෙන්

569

දුම්මලසුරිය පොලිස් වසමට අයත් මරක්කලමුල්ල ප‍්‍රදේශයේ දරුවකු ප‍්‍රසුත කළ අවස්ථාවේම වළ දැමීමට කටයුතු කළ මවක් දුම්මලසුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් හදිසි ඇමතුම් ඒකකය  මගින් දුම්මලසුරිය පොලිසියට ලැබුණු පණිවිඩයක් ඔස්සේ දුම්මලසුරිය පොලිසියේ නිලධාරීන් විසින් සිදුකල විමර්ශනයකින් පසු මෙම සිදුවීම 29 වෙනි දින රාත‍්‍රීයේ අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.

මේ පණිවිඩයෙන් දැනුම් දී ඇත්තේ මරක්කලමුල්ල ප‍්‍රදේශයේ මවක් සිය දෙවන දරුවා ප‍්‍රසුත කර නිවස පිටුපස කුණු ගොඩක් ආසන්නයේ වළ දමා ඇති බවයි. මෙලෙස වළ දමා ඇත්තේ සම්පුර්ණ වූ පිරිමි දරුවෙකු වන අතර දරුවා උපත ලද විගස වළ දමා ඇති බවට දුම්මලසුරිය පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

අනියම් පෙමින් බිහිවුණු දරුවා වළදැමූ මව අත්අඩංගුවට - පෙකිණිවැල කපා ඇත්තේ උදැල්ලෙන්

සැකකාරිය ජීවත් වූ නිවස

අත්අඩංගුවට ගත් කාන්තාවට අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු සිට සිටින අතර සිටින අතර ඇය ගැබ් ගෙන ඇති බව ඇයගේ සැමියා පවා නොදන්නා බව ඇය පොලීසිය හමුවේ පවසා ඇත. මාස අටක් පමණ ගත වන තුරු ඇය කිසිම වෛද්‍ය සායනයකට සහභාගී නොමැති බවද පොලීසිය හමුවේ පවසා තිබේ. අනියම් සැමියකුගේ ඇසුර නිසා මෙම ගැබ් ගැනීම් සිදුව ඇති බැවින් එම තත්ත්වය වසන් කර සිටි බව ඇය කියා තිබේ. ඇය හමුදා සෙබළකු යැයි පවසන පුද්ගලයකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර එම අනියම් සබඳතාව හේතුවෙන් මෙම කාන්තාව ගැබ් ගෙන තිබේ. උදරයේ කිසියම් රෝගී තත්ත්වයක් ඇති බවට හඟවමින් ඇය මාස 8කට ආසන්න කාලයක් නිවසේ සැමියා සමග ගත කර තිබේ. ඉකුත් 29 වැනි දින උදෑසන පහට පමණ ඇය දරු ප‍්‍රසුතියට සුදානම් වී ඇති බවට හැඟීමෙන් පසු ඇය නිවස පිටුපස වැසිකිළියට ගොස් එම කටයුතු සිදුකර උදැල්ලක් ආධාරයෙන් පෙකණි වැල කපා එම උදැල්ලෙන් නිවසේ වැසිකිලි පිටුපස ගසක් ආසන්නයේ වළක් කපා බිළිඳා වළ දමා තිබේ. මෙම සිද්ධිය ඒ අවට කිසියම් කෙනෙක් දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමට කටයුතු කර ඇත. මෙම කාන්තාව හමුදා සෙබළකු සමග මීට වසර හතරකට පමණ පෙර සිට සැමියාට හොර රහසේ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ඇය පොලිසිය හමුවේ පවසා තිබේ.

30 දහවල් මේ පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවත්විණි. එහිදී මේ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කර ඇත.

දුම්මලසුරිය පොලිසිය විසින් සැකපිට මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව තිබිණි. දුම්මලසුරිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment