අනියම් බිරිඳගේ හත් හැවිරිදි පිරිමි දරුවාට අතවර කළ සැකකරු කොටුවෙයි

906

තම අනියම් බිරිඳගේ වයස අවුරුදු හතක් වන පිරිමි දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයකු පෙරේදා (16 දා) අත්අඩංගුවට ගත් බව තලාව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරගොඩ, තලාව අවට පදිංචිව සිටි 26 හැවිරිදි කම්කරුවකු ලෙස සේවය කළ පුද්ගලයකු බව පොලිසිය කියයි. වින්දිත දරුවාගේ මව පළමු විවාහයෙන් පසු සැකකරු සමග තාවකාලිකව පදිංචිව සිටිමින් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බවත්, එම සැකකරුට දාව උපන් දරුවකු ද මෙම යුවළට සිටින බවත් පොලිසිය සඳහන් කළේය.

තමන් රෙදි සේදීමට නිවස අසල ඇති ජල කරාමය ළඟට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී සැකකරු විසින් තම දරුවාගේ ඇඳුම් ගලවා තිබෙන අයුරු දැකීමෙන් පසු ඒ පිළිබඳව දරුවාගෙන් කළ විමසීමකදී මෙම සිද්ධිය අනාවරණය වූ බව පැමිණිල්ලක් සිදු කරමින් දරුවාගේ මව ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (17 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. තලාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශනය සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment