අනියම් බිරිඳට මත්පැන් පොවා පහරදී දූෂණය කරලා

1065

තණමල්විල පොලිස් වසමට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසිදෙකක් පමණ වයසැති විවාහක කාන්තාවකට ඇය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අසල්වැසියකු ඉකුත් (07 වෙනිදා) ඇයට පහරදී මත්පැන් පොවා ස්ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටින අතර ඇය අසල්වැසි තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

ඉකුත් හත් වෙනිදා රාත්‍රි ඔහු මිතුරන් දෙදෙනකු සමඟ මත්පැන් පානයකොට ඇති අතර ඇයටද අකමැත්තෙන්ම මත්පැන් පොවා ඇත.

පසුව සැකකරු ඔහුගේ ඥාතියකුගේ නිවසකට ඇයව කැඳවාගෙන ගොස් අපරාධය සිදුකර ඇත.

අතවරයට පත්වීමෙන් පසු කාන්තාව හම්බන්තොට මහ රෝහලට ඇතුළත්වී ප්‍රතිකාර ලබන අතර ඇය රෝහල් පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

තණමල්විල පොලිස් ස්ථානාධිපති ඩී. එම්. පී. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment