අනියම් බිරිඳ සමග සිරිපා ගිය දෙදරු පියා – නල්ලතන්නියේදී සිරුරට ගිනි තබා ගනී

1800

අනියම් බිරිඳ සමග ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණි දෙදරු පියෙකු නල්ලතන්නිය පෞද්ගලික රථගාලකදී ඊයේ (03දා) දින අලූයම 3.30ට පමණ සිරුරට භූමිතෙල් හලාගෙන ඔහු විසින්ම සිරුරට ගිනි තබාගෙන ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

කඩවත ප‍්‍රදේශයේ සිට පසුගිය(02)දා 36 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් සමග බස් රථයකින් තුවාලකරු ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර, එම පිරිස ශ‍්‍රී පාදය කරුණා කරමින් සිටින අතුරතුර අනියම් බිරිඳ සමග ඇති කරගත්තේ යැයි කියන ආරවුලකට උරණ වූ දෙදරු පියා ශ‍්‍රී පාදය කරුණා නොකර ආපසු නල්ලතන්නිය වෙත පැමිණ බස් රථයේ ආහාර පිසීම ස`දහා රැුගෙන පැමිණි භූමිතෙල් ගැලූම සිය සිරුරේ හලාගෙන ගිනි තබාගෙන ඇත.

සිරුරට අවිලූණු ගින්න නිවී යෑමෙන් අනතුරුව දෙදරු පියා විසින් තමන් ගිනි තබාගත් බවත්, තමන්ව රෝහල් ගත කරන ලෙසත් කළ ඉල්ලීමක් මත බස් රථයේ රියදුරු නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් සමග එක් ව තුවාලකරු මස්කෙලිය ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇත. සිරුරට ගිනි තබාගැනීම සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment