අනියම් සබඳතාව දුරදිග යයි… සැමියාට බෑ කිව් දෙදරු මව කපා කොටා මරලා

659

පවුල් ආරවුලක් මත සිය සැමියා අතහැර මවගේ නිවසේ නැවතී සිටි දෙදරු මවක් සැමියා පැමිණ නැවත කැඳවා ගෙන යෑමට තෙවරක්ම උත්සාහ කොට සිවුවැනි වර ඇයව අත් පොරවකින් කපා කොටා මරා දමා පලා යෑමේ පුවතක් බිංගිරිය පොලිස් වසමට අයත් පහළ ගල්වැව මොළඑලිපිටියෙන් වාර්තා වේ.
 
මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇත්තේ තිසෝගම – ගඩොල්වක පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ චමිලා කාන්ති නමැති 38 හැවිරිදි දෙදරු මවකි.
 
පෙරේදා (29 දා* රාතී‍්‍ර 10 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් අනතුරුව එදිනම රාත‍්‍රියේ සැකකාර සැමියා වන මිහිඳුකුලසූරිය ලීලාරත්න නමැති 45 හැවිරිදි අය බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
බිරිඳගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඇති වූ සැකයක් මත මෙම දෙපළ අතර වරින් වර ගැටුම් හටගෙන ඇත. මීට මාස කීපයකට පෙර ඇය මේ නිසාම සැමියා අතහැර ගොස් ඇගේ ඥාති නිවෙස්වල නැවතී සිට මෙම සිද්ධිය ඇති වීමට සති දෙකකට පමණ ඉහතදී මොළඑලිපිටිය මවගේ නිවසේ නතර වී ඇත. මේ බව දැනගත් සැමියා විසින් වරින් වර ඇය කැඳවාගෙන යෑමට පැමිණියත් ඇය ඔහු සමග යෑමට අකමැතිවීම නිසා මෙසේ අත් පොරවකින් පහරදී මරා දමා පලාගොස් ඇත.
 
මියගිය කාන්තාවගේ හිසට වැදුණු මාරාන්තික පොරෝ පහරින් ඇය එම ස්ථානයේදීම මරුමුවට පත්ව තිබිණි.
 
කුලියාපිටිය කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී 11 චන්න අබේරත්න මහතාගේ උපදෙස් පරිදි බිංගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. හැරිසන් සෝමසිරි මහතාගේ අධීක්ෂණයෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ප‍්‍රසාද් ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. වරුන් වන (62169* චිත‍්‍රානන්ද, (49128* චමින්ද, (58620* ඒකනායක යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.
 
 බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment