අනියම් සැමියා සමග හෝටල් කාමරයක සිටියදී මියගිය කතගේ සිරුරේ කොටස් රස පරීක්ෂකට

674

අනියම් සැමියා සමග අම්පේගම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට ගොස් සිටියදී මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.ජී.බී. පෙරේරා මහතා මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකට යවා වාර්තාව ලැබෙන තෙක් විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ අම්පෙගම ගුරුසිංහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම කාන්තාවගේ සැමියා කුරුඳු තැලීම සඳහා ඌරුබොක්ක ප‍්‍රදේශයකට ගොස් සිටියදී ඇය අනියම් සැමියා සමග 28 වැනි දින අම්පේගම ප‍්‍රදේශයේ හෝටලයට ගොස් ඇති බවත් එහිදී හදිසියේම අසනිපවීම නිසා අනියම් සැමියා විසින් කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් ඇති බවත් එසේ ගෙන එන විටත් ඇය මියගොස් සිට බවත් පොලිසිය පවසයි. මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ ඇය හෘද රෝගියෙකු වන අතර දිර්ඝ කාලයක් තිස්සේ ඒ සඳහා ඖෂධ භාවිතා කරන බවය. එහෙත් ඇයගේ විවාහක සැමියා පවසා ඇත්තේ මරණය සැක සහිත බවය.

පසුව ගාල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් පේමරත්න  තිරාණගම මහතා පෙරේදා (29දා) කරාපිටිය රෝහලට ගොස් මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියෝග කළේය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.ජී.බී. පෙරෙරා මහතා මෙසේ විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය. බද්දේගම පොලිස්

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් දේශබන්දු මහතා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

අහංගම සුගතපාල දීයගහගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment